22ට එරෙහිව ගොනුකළ පෙත්සම් 03ක පිටපත් තමා වෙත ලැබුණු බව කතානායක දැනුම්දෙයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 03ක පිටපත් තමා වෙත ලැබුණු බව කතානායක ජගත් වික්‍රමනායක දැනුම් දුන්නා.

අද (18) දිනයේ පාර්ලිමේන්තු සභා වරයා ආරම්භ කරමින් කතානායකවරයා විසින් සිදුකරනු ලබන නිවේදනයන් හිදී ඔහු මේ බව පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී ඇති පෙත්සම්වල පිටපත්ද කතානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.