ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අඩු වියදම් ගුවන් සේවයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් පහසුකම් සළසන අඩු වියදම් ගුවන් සේවයක් (Budjet Air Line) වන, වියට් ජෙට් ගුවන් සේවය සිය ගුවන් සේවා ආරම්භ කරමින් එහි ප්‍රථම ගුවන් යානය ඊයේ (18) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මේ සදහා පිරිමැසුම්දායක පංතියේ ආසන 180ක් ඇති, ඒ 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එම ගුවන් යානය පදවා ගෙන පැමිණි ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක නියමුවා ලෙස ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුවීම ද විශේෂත්වයක්.

මෙම වියට් ජෙට් ගුවන් සේවයේ වී.ජේ.- 1875 දරණ පළමු ගුවන් යානය ඊයේ (18) රාත්‍රී 09.33ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් මගීන් 169 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර, එම යානය මගීන් 171 දෙනෙකු රැගෙන යළිත් කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමයේ හෝචිමිං ගුවන් තොටුපොළ බලා පිටත්ව ගිය බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48