2028 ඔලිම්පික් තරගාවලියේ ක්‍රිකට් තරග ඉසව්වට එක්වන කණ්ඩායම් තෝරන්නේ මෙහෙමයි

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලියේ දී T20 ක්‍රිකට් තරග ඉසව්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් කමිටුවට නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම කණ්ඩායම් හය බැගින් ක්‍රිකට් තරග ඉසව්ව සඳහා ඇතුළත් කිරීමටයි අයි.සී.සී.යේ යෝජනාව වී ඇත්තේ.

මේ අතර 2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් සංවිධායකයින් විසින් මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් තරග ඉසව්වක් ලෙස ඇතුළත් කර ගන්නවා ද යන්න පිළිබඳව අවසන් තීරණය ලබාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යෝජනාව ඔලිම්පික් සංවිධායකයින් විසින් පිළිගතහොත්, සහභාගී වන කණ්ඩායම් 06 පිළිබඳව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වන විටත් තීරණය කර අවසන්.

ඒ වන විට අයි.සී.සී. කාන්තා සහ පිරිමි විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන හයේ පසුවන කණ්ඩායමේ මේ සඳහා ඉදිරිපත් කිරීමටයි තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20