2026 විසර්ජන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත වුණා.

විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (05) පස්වරු 7.30ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 01 ක්ද හිමි වුණා.

එමෙන්ම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියා.

ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 06ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණා.

ඒ, අනුව නොවැම්බර් 14 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.

අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට අද (05) දක්වා දින 14 ක් පැවැත් වුණා.

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය දින 17 පැවැත්වීමට නියමිතව තිබූ අතර දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම දින ගණන මෙසේ 14 දක්වා අඩු කිරීම සිදුවුණා.

එම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයකට අදාළව කාරක සභා අවස්ථා විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යාංශ වැය ශීර්ෂ කිහිපයක් පෙර සැලසුම්කළ දිනවලදී විවාදයට ගැනීමට නොහැකි වූ බැවින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ද 2025.12.03 දින සහ ඊයේ (05) දින විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත වීම සිදුවුණා.

මේ අතර අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (05) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වනවා.

මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන), ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයද විවාදයකින් තොරව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

එමෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සඳහා ද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවුණා.

මීට අමතරව පරිපූරක ඇස්තමේන්තු තුනක් ඊයේ පාර්ලිමේන්තුවේදී අනුමත කරගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?