2025 වසරේ අපේක්ෂිත පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිබවා ගිහින් – බලශක්ති අමාත්‍යංශය

මෙරට දිගු කාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ සැලසුම් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, ගෙවීගිය 2025 වසරේ සැලසුම් කළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,848ක් වූ අතර, එය අභිබවමින් මෙගාවොට් 2,695ක් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සමත් වී ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි වසරවල ඉලක්කගත ධාරිතාවයන්ට වඩා ඉහළ ප්‍රමාණයක් දැනටමත් ගිවිසුම්ගත වී ඇති බවයි එහි දැක්වෙනේ.

2026 – පුරෝකථනය මෙ.වොට් 2078 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත කර ඇති ප්‍රමාණය මෙ.වොට් 3089.5කි.
2027 – පුරෝකථනය මෙ.වොට් 2563 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 3822.5කි.
2028 – පුරෝකථනය මෙ.වොට් 3253 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4332.5කි.
2029 – පුරෝකථනය මෙ.වොට් 3943 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4634.5කි.

ඒ, අනුව 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිබවමින් කටයුතු කළ හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?