2025 වසරේ අපේක්ෂිත පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිබවා ගිහින් – බලශක්ති අමාත්‍යංශය

මෙරට දිගු කාලීන විදුලි ජනන සැලැස්ම අනුව 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ සැලසුම් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව, ගෙවීගිය 2025 වසරේ සැලසුම් කළ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,848ක් වූ අතර, එය අභිබවමින් මෙගාවොට් 2,695ක් පුනර්ජනනීය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සමත් වී ඇති බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි වසරවල ඉලක්කගත ධාරිතාවයන්ට වඩා ඉහළ ප්‍රමාණයක් දැනටමත් ගිවිසුම්ගත වී ඇති බවයි එහි දැක්වෙනේ.

2026 – පුරෝකථනය මෙ.වොට් 2078 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත කර ඇති ප්‍රමාණය මෙ.වොට් 3089.5කි.
2027 – පුරෝකථනය මෙ.වොට් 2563 ක් වන අතර, දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 3822.5කි.
2028 – පුරෝකථනය මෙ.වොට් 3253 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4332.5කි.
2029 – පුරෝකථනය මෙ.වොට් 3943 කි. දැනටමත් ගිවිසුම්ගත වී ඇති ප්‍රමාණය මෙ.වොට් 4634.5කි.

ඒ, අනුව 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ඉලක්ක අභිබවමින් කටයුතු කළ හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

  1. අපිට තියෙන ජලවිදුලි බලාගාර නිවාඩු දින වලට අක්‍රීය කරන්න කියනවා.
    වඳුරා පැන්න දා ඉඳලා අපිට බලෙන්ම නවතා දැමීමට අණ දෙනවා.
    අපිට වෙන පාඩුවට කිසිම ගෙවීවක් කරන්නේ නැත.
    70% පුනර්ජනනීය බල ශක්තිය 2039 වෙනකොට???



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58