2025 වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය ගැන කැබිනට් තීන්දුවක්

2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් වර්ග 317න් පෙළපොත් වර්ග 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබෙනවා.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදීයි අද (26) දිනයේ දී මේ බව දැනුම්දී ඇත්තේ.

2025 වර්ෂයේ දී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246 මුද්‍රණය කරවා ගැනීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවා තිබුණා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති මුද්‍රණ ආයතන 24ක් වෙතින් 1, 6 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණිවල පෙළපොත් මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම්දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13