2025 දසත සමගි සූර්යය මංගල්‍යය අති උත්කර්ෂවත් ව දෙල්වගුර මලියදේව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී (වීඩියෝ)

2025 අලුත් අවුරුදු සැණකෙළියේ ‘දසත මාධ්‍ය ජාලය’ විසින් සංවිධානය කරන ලද ‘දසත සමගි සූර්යය මංගල්‍යය’ අද (19) දවස පුරා දෙල්වගුර මලියදේව ප්‍රාථමික විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අතිඋත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.

ඒ දසත මාධ්‍ය ආයතනයේ සභාපති පී.එස්. මධුසංක මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ යි.

මෙහි සංවිධාන ශක්තිය ‘සමගි ක්‍රීඩා සමාජය’ සහ දසත ඩිජිටල් හා රූපවාහිනී මාධ්‍ය නාලිකාව විසින් සිදු කරනු ලැබුවා.

අද දිනය වර්ණවත් කිරීමට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජනප්‍රිය තරු රැසක් ද එක්ව සිටීමත් විශේෂත්වයක්.

ගම හරහා දිවීම ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසක් ද පැවැත්වුණු මෙම දසත සමගි සූර්යය මංගල්‍යය අවුරුදු කුමරා සහ කුමරිය තරග ඉසව් ද පැවැත්වුණා.

2025 වර්ෂයේ දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරා ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේ මහනුවරින් අංක 07න් තරග වැදි ඉෂාර මධුෂංක ජයසූරිය යි.

එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අවුරුදු කුමරා ලෙස අංක 04 සහ අංක 01න් තරග වැදි අවුරුදු කුමාරවරුන් විසින් දිනාගනු ලැබුවා.

මෙවර දසත සමගි සූර්යය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ කඩවත සිට පැමිණි අංක 08න් තරග වැදි තිසගි ගමගේ යි.

එහි දෙවැනි හා තෙවැනි ස්ථාන අංක 03 සහ අංක 02න් තරග වැදි අවුරුදු කුමරියන් විසින් දිනාගනු ලැබුවා.

දසත සමගි සූර්යය මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, සහකාර පොලිස් අධිකාරී සංජීව එදිරිසිංහ ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මීට එක් ව සිටියා.

මීට අමතර ව දසත මාධ්‍ය ජාලය සහ දෙල්වගුර සමගි ක්‍රීඩා සමාජය එක් ව සංවිධානය කරනු ලබන දසත සමගි සූර්යය මංගල්‍යය අද පස්වරුවේ අවසන් වන අතර රාත්‍රී 09 සිට ජනප්‍රිය ගායක ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගී වන ‘රිවර්බ්’ සංගීතයට හැඩවන දැවැන්ත සංගීත රාත්‍රියක් ද පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39


?