2025 චැම්පියන්ස් කුසලානයට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ?

2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා.

මෙම තරගාවලියේ සියලුම තරග පාකිස්තාන තුළ පැවැත්වෙන අතර, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද සහ ගැටුම් හේතුවෙනුයි ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට එක්වීම අවිනිශ්චිත වී ඇත්තේ.

මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) තරඟාවලිය පාකිස්තානයෙන් පිටතට ගෙන යාමට හෝ ඉන්දියාවේ තරග මධ්‍යස්ථ ස්ථානයක පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් එම ඉල්ලීම් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ලබා දී නැහැ.

ඉන්දියාව මෙම තරගාවලියට නොයන බවට මෑතක දී ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූ අතර, එම වාර්තාවලට පිළිතුරු ලබා දෙමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රජීව් ශුක්ලා එම වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

“එවැනි තොරතුරු ලබා දුන්නේ කුමන මූලාශ්‍රයක්දැයි අපි දන්නේ නැහැ. BCCI මේ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක් නිකුත් කරලත් නෑ.” යනුවෙන් උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

2008 ආසියානු කුසලානයෙන් පසු ඉන්දීය කණ්ඩායම පාකිස්තානයට ගොස් නොමැති අතර, පසුගිය වසරේ ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමි වූ නමුත් ඉන්දීය කණ්ඩායමේ තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි කටයුතු කළේ.

මේ අතර ඉන්දීය කණ්ඩායම චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වුවහොත්, 2023 එක්දින ලෝක කුසලාන ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියට සහභාගීවීමට අවස්ථාව හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07