රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා 2025 වසරේ පාසල් නිල ඇඳුම් රෙදි බෙදාදීම සිදුකර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව සඳහන් කළා.
නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086 ක් වන අතර ඒ සඳහා අවශ්‍යතාවය වූ මුළු රෙදි ප්‍රමාණය වූ රෙදි මීටර් මිලියන 12ක් පමණ චීන රජයේ ප්‍රදානයක් වශයෙන් හිමිව තිබෙනවා.
මේ වනවිට සියලුම පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම සිදුකර පාසල් සිසුන් වෙත ලබා දී අවසන්කර ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1