2025 වර්ෂයේ මුල් මාස 04ක කාලසීමාව සඳහා පාර්ලිමේන්තුව වෙත අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත්, ඒ සඳහා යෝජනා සම්මතයක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමටත් 2024‑11‑25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති අතුරු සම්මත ගිණුම සඳහා වන යෝජනා සම්මතයට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.
එකී යෝජනා සම්මතය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.