රජයේ පාසල්වල 2024 වර්ෂයට අදාළ කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වනවිට නිකුත්කර තිබෙනවා.
ඒ, අනුව නව වසරේ පළමු පාසල්වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වනවා.
2024 පෙබරවාරි 19 වනදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියර ක්‍රියාත්මක වන අතර, පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජුනි 10 වැනිදා සිට 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එමෙන්ම නව ව්සටේ දෙවන පාසල් වාරය ජුලි මස පළමු වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වන අතර, 2024 වසරේ තුන්වන පාසල් වාරය අදියර දෙකකට ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.
ඒ, අනුව සැප්තැම්බර් 23 තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ආරම්භ වී නොවැම්බර් මස 22 වනදා අවසන් වෙනවා.
එහි දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ ජනවාරි 31 වැනිදා අවසන් වීමට නියමිතයි.





