වල් ඌරෙකුට බිලිවෙන්න ගිය වන සංරක්ෂණ නිලධාරියාගේ දිවි බේරු හැටි (වීඩියෝ)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් වල් ඌරෙකුගේ ප්‍රහාරයකට ලක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වනවා.

අදාළ සිදුවීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බඩාවුන් ප්‍රදේශයේ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

වල් ඌරෙක් විසින් වගා හානි සිදුකළ බවට ප්‍රදේශවාසීන් පැමිණිලි සිදුකිරීමෙන් පසු එම සත්වයා අල්ලා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (26) එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැලක් භාවිත කර ඌරා වට කිරීමට උත්සාහ කරන අවස්ථාවේ දී සත්වයා, වන සංරක්ෂණ නිලධාරියෙකුට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

සත්වයාගේ ප්‍රහාරයෙන් බේරීමට එම නිලධාරියා දැඩි පරිශ්‍රමයක් දරණ ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙන අතර, තවත් නිලධාරීන් කිහිපදෙනෙක් පොලුවලින් ඌරාට පහර දී එලවා දැමීමට උත්සාහ කරන ආකාරය එහි දැක්වෙනවා.

අවසානයේ මිනිත්තු දෙකකට පමණ පසු වන සංරක්ෂණ නිලධාරියාව බේරාගැනීමට සමත්වන අතර, වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23