වසර 14කට පසු ඕස්ට්‍රේලියා භූමියේදී අළු බඳුන තරගයක් ජයගත් එංගලන්තය

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 2025-2026 අළු බඳුන තරගාවලියේ සිය පළමු ජය වාර්තා කරමින්, තරගාවලියේ සිව්වන තරගය ජය ගැනීමට එංගලන්තය අද (27) සමත් වුණා.

තරගය බොක්සිං ඩේ තරගයක් ලෙස නත්තලට පසුදින ඕස්ට්‍රේලියාවේ මෙල්බන් පිටියේදී ආරම්භ වූ අතර මෙතෙක් ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹීමට පැමිණි ක්‍රිකට් තරගය ලෙස මෙම තරගය වාර්තා පොත් අතරට එක්වුණේ තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 94,199ක් MCG පිටියට පැමිණීමත් සමඟයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනු ලැබුවා.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ගොස් රැස්කර ගනු ලැබුවේ ලකුණු 152ක් පමණයි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ටන් ලකුණු 45කට කඩුලු 05ක් දවා ගත්තා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්තයට ද රැස්‌ කර ගැනීමට හැකිවූයේ ලකණු 110ක් පමණයි.

ඒ අනුව ලකුණු 42ක පළමු ඉනිමේ වාසියක් ද අත්කර ගනිමින් දෙවන ඉනිම වෙනුවන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවට එම ඉනිමේදී සාර්ථක විමට ඉඩ නොදුන් එංගලන්තය ඔවුන් සියල්ලන් දෙවනි ඉනිමෙදි ද ලකුණු 132කට දවා ගනු ලැබුවා.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 175ක ඉලක්කයක් සමඟ පිටියට පිවිසි එංගලන්තය කඩුලු 06ක් පමණක් දැවීගොස් එම ඉලක්කය සාර්ථකව ජය ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය කළ ද තරගාවලියේ පලමු තරග තුනම ජයගත් ඔස්ට්‍රේලියාව කල්වේලා ඇතුවම තරගාවලිය ජයගෙන අවසන්.

එමෙන්ම තරගාවලියේ පළමු තරගය ලෙස පර්ත් හිදී පැවති තරගයේ මෙන්ම අද මෙල්බන් පිටියේ නිමා වූ මෙම තරගයේ ද තණතීරු සම්බන්ධයෙන් ක්‍රිකට් විස්තර විචාරකයින් මේ වන විට දැඩි කණස්සල්ල පළ කරමින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56