2024 මූල්‍ය වර්ෂයේදීත් ඉන්දියාවේ වර්ධන වේගය අඛණ්ඩ ව පැවතිය හැකි බවට පුරෝකථන

දුර්වල ගෝලීය ආර්ථික ප්‍රසාරණය මධ්‍යයේ  මෙම වසර තුළ ඉන්දියාවේ කැපී පෙනෙන වර්ධන වේගය පවත්වා ගත යුතු බව එරට මහ බැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

එම වාර්තාවට අනුව ඉන්දියාවේ උද්ධමනය දැනටමත් මධ්‍යස්ථ වෙමින් පවතින අතර බාහිර ගිණුම ද පවතින්නේ  හොඳ මට්ටමකයි.

නමුත් එල් නිනෝ තත්ත්වය වර්ෂාපතනය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑම සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සහ ආහාර මිලට බලපෑම් කළ හැකි බවටයි  ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් කලාපීය බොහෝ එක්සත් ජනපද බැංකුවල දෙදරායාමෙන් පැහැදිලි වන ගෝලීය වර්ධනය මධ්‍යස්ථ කිරීම, දිග්ගැස්සුනු භූ දේශපාලනික ආතතීන් සහ මූල්‍ය වෙලඳපොල අස්ථාවරත්වයේ ඇති විය හැකි ඉහළ  යාම, අවාසි සහගත අවදානම් මතු කරන බව ඉන්දීය මහ බැංකුවේ අදහසයි.

එබැවින්, ඉන්දියාවේ මධ්‍ය කාලීන වර්ධන විභවය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම වැදගත් වන බව ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙනවා.

ඔවුන්ගේ වාර්තාවට අනුව නැඟී එන වෙලඳපොලවල් කිහිපයකට ආහාර හා බලශක්ති හිඟය මෙන්ම  තිරසාර නොවන ණය බර වැඩිවීම් නිසා වර්ධන ඉදිරි දැක්ම වඩාත් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබුණද,  ඉන්දියාවේ විශිෂ්ට කාර්ය සාධනය හමුවේ ප්‍රාග්ධන වියදම් කළමනාකරණය කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න ආයතනික සහ මූල්‍ය අංශයේ ශේෂ පත්‍රයක් පවත්වාගැනීමට ඉන්දියාවට හැකිවී තිබෙනවා.

රජය විසින් මෑත වසරවල ක්‍රියාත්මක කරන ලද ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඊට බෙහෙවින් බලපා ඇති බවයි ඉන්දීය මහ බැංකුව පෙන්වා දෙන්නේ.

පසුගිය වසර පහක කාලය සැලකීමේදී ඉන්දියාව සාමාන්‍යයෙන් ගෝලීය වර්ධනයට 12% කට වඩා දායකත්වයක් දක්වා තිබුණා.

ගෝලීය කම්පනයන් නොතකා රට 2022-23 දී සැබෑ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% ක ආර්ථික ප්‍රසාරණයක් වාර්තා කරනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

2023-24 කාලය තුළ ඉහළ පුද්ගලික ආයෝජනයක් දිරිමත් කරනු ඇති බවටද අපේක්ෂා කරනවා.

කෘෂිකාර්මික අංශයේ අපේක්ෂාවන් වර්ෂාපතනය මත රඳා පවතින බැවින්  අපේක්ෂිත එල් නිනෝ සිදුවීම හේතුවෙන් වර්ෂාපතන ඌනතාවයකදී ආහාර මිල ගණන් අක්‍රමවත් විය හැකි බවටයි ඉන්දීය මහ බැංකුව පුරෝකථනය කර ඇත්තේ. ගිම්හාන සමයේ වපුරන බෝගවල පලදාව වර්ෂාපතනයේ ප්‍රගතිය මත රඳා පැවතීම ඊට හේතුවයි.

24 මූල්‍ය වර්ෂයේදී ධාන්‍ය නිෂ්පාදනය ටොන් මිලියන 332ක් ලෙස ඉලක්ක කර ඇති අතර එය පෙර වසරේ නිෂ්පාදනයට වඩා 0.4%ක ඉහළ අගයක්.

කාර්තු හයක පරතරයකින් පසුව 2023 මූල්‍ය වර්ෂයේ  සිව්වන කාර්තුවේදී  එරට ජංගම ගිණුම් ශේෂය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.7% වන ඩොලර් බිලියන 6ක පමණ අතිරික්තයක් වනු ඇතැයි අපේක්ෂා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10