2024 පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙයි

2024 වසර ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන අතර එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඉන්දියාව ලූනූ අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය මෙරටට ද බලපා තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුළ ඉන්දියාව සිය ලූණු අපනයන සීමා ලිහිල් කිරීමත් සමග එම ගැටලුව විසදෙන බවත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

2024 වර්ෂය අප ආරම්භ කරන්නේ ධන ආර්ථික වර්ධන වේගයක් සමගයි. ඒ සමග මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව සඳහන් කළ යුතුයි. පවතින බදු ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදී ජනතාවට තවත් සහන රැසක් ලැබෙන බවට ද අපට සහතික විය හැකියි.

ඒ වගේම රාජ්‍ය ආදයම ඉහළ නංවාගැනීම වෙනුවෙන් බදු අයකිරීම වැරදි බව ඇතැමුන් පවසනවා. නමුත් එවැනි ප්‍රකාශ සිදුකරන්නන් රටේ ආර්ථිකය වර්ධනය වනවාට එරෙහි වන්නන් බව පැවසිය යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් ආයෝජන කරන්නේ රජයට ලැබෙන බදු ආදායමෙන් නම් ඒ සඳහා සහයෝගය දැක්වීම සමස්ත ජනතාවගේම වගකීමක් වනවා.

තවද ඇතැමුන් බදුබර වැඩි බව පවසමින් රට හැර යනවා. නමුත් මෙරට බදු අය කිරීම සිදු කෙරෙන්නේ 12% ක මට්ටමකින්. එහෙත් රට හැර යන පිරිස් ආකර්ශනය වී ඇති රටවල බදු ප්‍රතිශතය 38% සිට 43%ක පමණ මට්ටමක ඉහළ අගයක පවතිනවා. එම රටවල්වල් සංවර්ධනය වී තිබෙන්නේ එවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසයි.

ඉන්දියාව ලූනු අපනයනය නැවැත්වීම නිසා එහි පීඩනය අපේ රටට ද බලපා තිබෙනවා. නමුත් ඉන්දියාව ඊළඟ සති දෙක තුළ ලූනු අපනයන සීමා ලිහිල් කිරීමෙන් පසු එම ගැටළුව විසදෙන බව ද සඳහන් කළ යුතුයි.

කෙසේ වෙතත් අපට සිදුව ඇති හානිය වන්නේ, වැට් ඇතුළු බදු සංශෝධන සම්බන්ධයෙන් කිසිදු අධ්‍යයනයක් සිදු නොකොට ඇතැම් පාර්ශ්ව විවිධ ක්‍රම ඔස්සේ අනිසි ප්‍රචාරයක් ලබාදීමයි. මේ තත්ත්වය තුළ අතරමැදියන් සහ ඇතැම් සමාගම් හිතුමතේ මිල ගණන් ඉහළ දමා ජනතාවට පීඩනයක් එල්ල කර තිබෙනවා.

2024 වසරේ මුල් කාර්තුව තුළ ලංකා සතොසට නවතම මෙගා (mega) අලෙවිසැල් 05ක් හා සාමාන්‍ය ලංකා සතොස අලෙවිසැල් 10ක් ආරම්භ කිරීමට යෝජිතයි. ඒ වගේම මෙම වසර අවසාන වන විට ලංකා සතොස අලෙවිසල් ජාලය අලෙවිසල් 500ක් දක්වා පුළුල් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

සමස්ත අලෙවිසැල් ජාලය අලෙවිසැල් 500 දක්වා වර්ධනය කිරීම තුළින් පාරිභෝගිකයන් සඳහා හිඟයකින් තොරව රජයේ සහන මිලට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම මෙම අලෙවිසල් ජාලය ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛ පරමාර්ථය වනවා.

තවද, 2024 වසරේදී ලංකා සතොස සමාගමේ මුළු ආදායම රුපියල් බිලියන 70ක ආසන්නයකට ගෙන ඒමටත්, එමගින් සමස්ත මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 1.5 කට ආසන්න ප්‍රමාණයක් දක්වා ගෙන ඒමටත් සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රටේ පවතින ආර්ථික අභියෝග හමුවේ ආයතනයේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 500ක් දක්වා සුරක්ෂිත කර ගැනීමට ද සැලසුම් කොට තිබෙනවා.

2024 වර්ෂය තුළ පාරිභෝගික අධිකාරිය සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීමට ද බලාපොරොත්තු වනවා. එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරනවා. කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පරිගණක ගතකර ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීම මෙම වසරේ පළමු මාස හතර තුළ සිදුකරන බව ද සඳහන් කළ යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40