AFC Banner
Empty Ad
Empty Ad

2024 වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයක්

ලබන 2024 වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර ප්‍රකාශ කරනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම සාකච්ඡාවේදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට මෙන්ම එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
10
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?