2024 වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයක්

ලබන 2024 වසරේ සිට ඉන්ධන මිල දෛනිකව ස්වයංක්‍රියව සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර ප්‍රකාශ කරනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම සාකච්ඡාවේදී ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත් කර ගැනීම, නව ඉන්ධන හල් ඉදිකිරීමේ කටයුතු, ලිහිසි තෙල් අලෙවිය කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා.

සියලුම ඉන්ධන හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට මෙන්ම එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14