2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි (වීඩියෝ)

2024 වර්ෂයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර (23) ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ ප්‍රතිඵල සිය නිල වෙබ් අඩවිය වෙත (Doenets. lk) නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විභාග අපේක්ෂකයින්ට අදාළ ප්‍රතිඵල ලබා ගැනීමට මෙතැනින් පිවිසෙන්න; https://dasathalankanews.com/

2024 වසරේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමෙන් පසුව එය දැඩි ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් මැවීමට සමත් වුණා.

ඒ ශිෂ්‍යත්ව විභාගයට පෙර දින රාත්‍රියේ දී ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම සම්බන්ධයෙන් ගුරුවරු කිහිපදෙනෙකුට චෝදනා එල්ල වීමත් සමග දෙමාපියන් ඊට එරෙහිව විරෝධතා දියත් කිරීමත් සමගින්.

මේ හේතුවෙන් වරින් වර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මෙන් ම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබුණා.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබාදෙමින් සඳහන් කළේ පිටවූවා යැයි පැවසෙන ප්‍රශ්න 03 සඳහා සෑම දරුවෙකුටම නිදහස් ලකුණු පිරිනැමීම සිදු කළ යුතු බවත් එය එසේ නොවුණහොත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අදාළ නියෝගය ප්‍රකාරව කටයුතු කර ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු නැවත ආරම්භ කර ඇති බැවින් දින 40ක පමණ කාලයක් තුළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වන බවයි.

එම සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් වශයෙන් අද පස්වරුවේ මෙලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
9
+1
0
+1
1
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?