හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති, ඇමති සමන්ත සහ ITN එකෙන් වන්දි ඉල්ලයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රුපියල් මිලියන 100 ක් බැගින් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , ස්වාධීන රූපවාහිනී සේවය සහ එහි සභාපතිවරයා නම් කර ඇති බව සඳහන්.

පැමිණිලිකරු කියා සිටින්නේ මෑතකදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් මොණරාගල ප්‍රදේශයේ පිහිටි ඉඩමකට අදාළව තමන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ තුළින් තමන්ට දැඩි අපහාසයක් සිදුව ඇති බවයි.

ඒ, වෙනුවෙන් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගෙන් සහ ස්වාධීන රූපවාහිනි සේවයෙන් රුපියල් මිලියන 100 බැගින් වන්දි අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52