2024 වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට සැලසුම් (වීඩියෝ)

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විදුහල්පතිවරුන් සඳහා නව තාක්ෂණය මෙන්ම අභියෝගයන්ට මුහුණ දිය හැකි පුහුණු සැසිවාර සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව විදුහල්පතිවරුන් 4672 දෙදෙනෙකු බදවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් ඒවා කඩිනමින් සම්පුර්ණ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් 50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට භාණ්ඩාගාරයෙන් දැනට අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් බව ද අමාත්‍යවරයා, පෙන්වා දෙනවා.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත,් ඉදිරියේ දී නිලධාරීන් 707ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

නවක විදුහල්පති පත්වීම් ලබන මෙම විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග මීට වසර කිහිපයකට පෙර විදුහල්පතිවරුන් මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඩිජිටල් තාක්ෂණය සමග අනාගතයට මුහුණ දෙන දරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ව හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් පාසල සූදානම් කිරීමට මෙම විදුහල්පතිවරුන් සමත් විය යුතු බවත් නුදුරේදී ම ඔවුන් වෙනුවෙන් ලබාදෙන පුහුණුවේ දී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට පුහුණුකරුවන් වෙත තමා උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ 1AB සහ 1C පාසල් සියල්ල ම ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඊට ගැළපෙන පරිදි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදෙන බවත්, කලට වේලාවට ක්‍රමවත්ව විභාග පවත්වමින් පාසල කෙරෙහි දරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකි සියලු පියවර ගන්නා බවයි අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?