2024 වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට සැලසුම් (වීඩියෝ)

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විදුහල්පතිවරුන් සඳහා නව තාක්ෂණය මෙන්ම අභියෝගයන්ට මුහුණ දිය හැකි පුහුණු සැසිවාර සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට නව විදුහල්පතිවරුන් 4672 දෙදෙනෙකු බදවා ගැනීම සනිටුහන් කරමින් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ වන විට අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු 808ක් පවතින බවත් ඒවා කඩිනමින් සම්පුර්ණ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන් 50%ක පුරප්පාඩු සම්පූර්ණ කිරීමට භාණ්ඩාගාරයෙන් දැනට අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව එම පුරප්පාඩු 404 නුදුරේ දී ම සම්පූර්ණ කරන බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම ගුරු උපදේශන සේවයේ ද සිටිය යුතු සංඛ්‍යාව 4200ක් වන නමුත් දැනට සේවයේ සිටින්නේ 1100 කට ආසන්න පිරිසක් බව ද අමාත්‍යවරයා, පෙන්වා දෙනවා.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ද මේ වන විටත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් පිළියෙළ කර අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් 1800ක් සිටිය යුතු වුවත් දැනට නිලධාරීන් 800 කට වඩා නොමැති බවත,් ඉදිරියේ දී නිලධාරීන් 707ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

නවක විදුහල්පති පත්වීම් ලබන මෙම විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග මීට වසර කිහිපයකට පෙර විදුහල්පතිවරුන් මුහුණ දුන් අත්දැකීම් සහ අභියෝගවලට වඩා හාත්පසින්ම වෙනස් වන බවත් ඩිජිටල් තාක්ෂණය සමග අනාගතයට මුහුණ දෙන දරුවන්ගේ අවශ්‍යතා නිවැරදි ව හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන් පාසල සූදානම් කිරීමට මෙම විදුහල්පතිවරුන් සමත් විය යුතු බවත් නුදුරේදී ම ඔවුන් වෙනුවෙන් ලබාදෙන පුහුණුවේ දී ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරවීමට පුහුණුකරුවන් වෙත තමා උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2019 වර්ෂයෙන් පසු මෙරට පාසල් පද්ධතිය වෙත එකවර මෙවන් විදුහල්පතිවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනෙන ප්‍රථම අවස්ථාව මෙය බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ 1AB සහ 1C පාසල් සියල්ල ම ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඊට ගැළපෙන පරිදි ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා වෘත්තීය සංවර්ධන අවස්ථා ලබාදෙන බවත්, කලට වේලාවට ක්‍රමවත්ව විභාග පවත්වමින් පාසල කෙරෙහි දරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකි සියලු පියවර ගන්නා බවයි අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56