spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 දී අලි සංගණනයක් පවත්වනවා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ 2023 වසරේ දී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි.

අලි – මිනිස් ගැටුම වැලැක්වීම සඳහා පියවර ගැනීමේ දී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාවයක් පවතින බව කී අමාත්‍යවරයා ලබන වසරේ දී අලි සංගණනයක් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබෙන බව පවසා සිටියා.

අවසන් වරට අලි සංගණනයක් පවත්වා තිබෙන්නේ 2011 වර්ෂයේ දී බවත් එම වකවානුවේ 5000 ඉක්මවූ වන අලින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර දැනට පවතින නිල නොවන දත්ත අනුව වන අලි ගහණය 7000කට ආසන්න තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?