2023 ක්‍රිකට් ලෝක කුසලානයේ නායකත්වයත් දසුන් ශානකට

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට ලබාදීමට තීරණය වී තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන් ශානක සමඟින් කටයුතු කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.

තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ විශේෂ රැස්වීමක්අද පෙරවරුවේ පැවැත්වූ අතර එම රැස්වීම අද දහවල් වන තෙක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජික රොමේෂ් කලුවිතාරණ ඇතුලු පිරිසක් ක්‍රිකට් ආයතනයේ රැස්වීමට සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මේ අවස්ථාවේ නායකත්වය මාරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තේරීම් කමිටුව සහ දසුන් ශානක අතර කරුණු හුවමාරු වී ඇති බවයි.

කෙසේවෙතත් අවසානයේ තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ දසුන් ශානක ලෝක කුසලාන සංචිතය ද මෙහෙය විය යුතු බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
68
+1
3
+1
23
+1
4
+1
2
+1
4
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?