2023 ක්‍රිකට් ලෝක කුසලානයේ නායකත්වයත් දසුන් ශානකට

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට ලබාදීමට තීරණය වී තිබෙනවා.

ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන් ශානක සමඟින් කටයුතු කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත්තේ.

තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුවේ විශේෂ රැස්වීමක්අද පෙරවරුවේ පැවැත්වූ අතර එම රැස්වීම අද දහවල් වන තෙක් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජික රොමේෂ් කලුවිතාරණ ඇතුලු පිරිසක් ක්‍රිකට් ආයතනයේ රැස්වීමට සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ මේ අවස්ථාවේ නායකත්වය මාරු කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් තේරීම් කමිටුව සහ දසුන් ශානක අතර කරුණු හුවමාරු වී ඇති බවයි.

කෙසේවෙතත් අවසානයේ තේරීම් කමිටුවේ මතය වී ඇත්තේ දසුන් ශානක ලෝක කුසලාන සංචිතය ද මෙහෙය විය යුතු බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51