2023 ආසියානු කුසලානය පවත්වන තැන ගැන තීරණය ලබන මාර්තුවේ දී

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන ස්ථානය පිළිබඳව මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, අනුව මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තීරණය කිරීම ලබන මාර්තු දක්වා කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්ථානය පැවරී ඇති අතර, ඒ අනුව 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

එවැනි තත්ත්වයක් තිබිය දී ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ පාකිස්ථානයේ තරගාවලිය පවත්වන්නේ නම් ඉන්දීය කණ්ඩායම ඒ සඳහා සභාභාගී නොකරන බවටයි.

ඒ, අනුවයි තරගාවලිය පවත්වන ස්ථානය පිළිබඳව මෙම මතභේදාත්මක තත්ත්වය හටගත්තේ.

ඊයේ (04) බහරේනයේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේ දී තරගාවලිය පවත්වන ස්ථානය තීරණය කිරීම ඒ අනුව මාර්තු දක්වා කල් දමා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, මීට පෙර පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට නොපැමිණෙනවා නම් ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම සහභාගී නොකරන බවයි.

මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සියේ අනෙකුත් සාමාජිකයින් ඔවුන්ගේ කණ්ඩායම්වලට පාකිස්ථානයට යා හැකිද යන්න පිළිබඳව ඔවුන්ගේම රජයන්ගෙන් තොරතුරු ලබාගැනීමට ඊයේ පැවති රැස්වීමේ දී එකඟතත්වයකට එළඹ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?