2023 ආසියානු කුසලානය පවත්වන තැන ගැන තීරණය ලබන මාර්තුවේ දී

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන ස්ථානය පිළිබඳව මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, අනුව මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන ස්ථානය පිළිබඳ තීරණය කිරීම ලබන මාර්තු දක්වා කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්ථානය පැවරී ඇති අතර, ඒ අනුව 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්ථානයේ පැවැත්වීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.

එවැනි තත්ත්වයක් තිබිය දී ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ පාකිස්ථානයේ තරගාවලිය පවත්වන්නේ නම් ඉන්දීය කණ්ඩායම ඒ සඳහා සභාභාගී නොකරන බවටයි.

ඒ, අනුවයි තරගාවලිය පවත්වන ස්ථානය පිළිබඳව මෙම මතභේදාත්මක තත්ත්වය හටගත්තේ.

ඊයේ (04) බහරේනයේ පැවති ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීමේ දී තරගාවලිය පවත්වන ස්ථානය තීරණය කිරීම ඒ අනුව මාර්තු දක්වා කල් දමා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, මීට පෙර පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් පවසා තිබුණේ ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට නොපැමිණෙනවා නම් ඉන්දියාවේ පැවැත්වෙන 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම සහභාගී නොකරන බවයි.

මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සියේ අනෙකුත් සාමාජිකයින් ඔවුන්ගේ කණ්ඩායම්වලට පාකිස්ථානයට යා හැකිද යන්න පිළිබඳව ඔවුන්ගේම රජයන්ගෙන් තොරතුරු ලබාගැනීමට ඊයේ පැවති රැස්වීමේ දී එකඟතත්වයකට එළඹ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?