2022 වසරටත් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ

එළැඹෙන වසර (2022) සඳහා ද වාහන ආනයනය තහනම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලගේ අත්සනින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛයට අනුව 2022 වසර සඳහා රජය විසින් ආනයනය සඳහා අනුමැතිය ලබාදෙනු ලබන්නේ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වූ වාහන පමණකි.

ඒ අනුව මහා භාණ්ඩාගාරය අවශ්‍යතාවන් හඳුනා ගනිමින් කරනු ලබන නිර්දේශයන්ට අනුව ට්‍රැක්ටර්, ට්‍රක් රථ, ගිලන් රථ, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වාහන සහ වෙනත් අත්‍යවශ්‍ය වාහන පමණක් සීමා සහිත ලෙස ආනයනය කෙරෙනු ඇත.

එසේම මෙම චක්‍රලේඛය ඔස්සේ සියලුම රාජ්‍ය ආයතනවලට ලබාදී ඇති උපදෙස්වලට අනුව කිසිදු වාහනයක් මිලදී ගැනීමේ හැකියාවක් නැත. සියලුම රජයේ ආයතනවලට 2022 වසර සඳහා කාර්යාල ගෘහභාණ්ඩ, කාර්යාල උපකරණ මෙන්ම වෙනත් අමතර වියදම් සඳහා ද අවසර නැත.

රාජ්‍ය ආයතන විසින් සියලු මෝටර් රථ අවශ්‍යතාවන් සපුරාගත යුත්තේ දැනට පවතින මෝටර් රථ නඩත්තු කරමින් සහ නවීකරණය කරමින් බවද මුදල් ලේකම්වරයා නිකුත් කළ මෙම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. අදාළ චක්‍රලේඛය මුදල් ලේකම්වරයා සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ සහ පළාත් සභා ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සියලුම සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන්ට යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
148
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?