2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ලියූ සිසු සිසුවියන්ට දැනුම්දීමක්

2023 වසරේ ජනවාරි මස පැවැත් වූ 2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට මූල්‍යාධාර ලබාදීම සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පවසනවා.

උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීම වෙනුවෙන් අදාළ ණය මුදල් ලබාදෙන බවයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සඳහන් කළේ.

එහිදී රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව 2022 වර්ෂයට අදාළව උසස් පෙළ විභාගයට පෙනී සිටි,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට මෙම මූල්‍යාධාර ලබාදෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මෙම ණය මුදල ලබාගැනීමට අදාළ අයදුම්පත සහ විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15