spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය ලියූ සිසු සිසුවියන්ට දැනුම්දීමක්

2023 වසරේ ජනවාරි මස පැවැත් වූ 2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට මූල්‍යාධාර ලබාදීම සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පවසනවා.

උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට වෘත්තීය පුහුණු පාඨමාලාවක් (NVQ) හැදෑරීම වෙනුවෙන් අදාළ ණය මුදල් ලබාදෙන බවයි සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සඳහන් කළේ.

එහිදී රුපියල් 25,000ක උපරිම මුදලකට යටත්ව 2022 වර්ෂයට අදාළව උසස් පෙළ විභාගයට පෙනී සිටි,සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට මෙම මූල්‍යාධාර ලබාදෙන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව මෙම ණය මුදල ලබාගැනීමට අදාළ අයදුම්පත සහ විස්තර www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?