2022 අවසානයේ විශේෂඥ වෛද්‍යවරු 9%ක් විශ්‍රාම යෑමට නියමිතයි – සෞඛ්‍ය ඇමති

මේ වසර අවසානය වනවිට විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා වෙනස්වීම මත මෙලෙස විශේෂඥ වෛද්‍යවරු 9%ක ප්‍රමාණයක් විශ්‍රාම යෑමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස විසින් එහිදී ප්‍රශ්න කර සිටියේ, එක්වර විශාල විශේෂඥ වෛද්‍යවරු පිරිසක් විශ්‍රාම යෑමෙන් සෞඛ්‍ය අංශය කළමනාකරණය කිරීම හා සේවා සැපයීම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

“රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස 2022 වනතුරු අයවැය යෝජනාවක් මඟින් අවුරුදු 60 ලෙස සැලකීම මත වෛද්‍ය කෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් බවට පත්ව ඇත. දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරු 2,278ක් පමණ සේවයේ යෙදී සිටින අතර මෙම අනිවාර්යය විශ්‍රාම වයස අවුරුදු 60 වීම මත පහත පරිදි විශේෂඥ නිලධාරීන් හා පරිපාලන නිලධාරීන් විශ්‍රාම යෑමට නියමිතයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 222ක් ද පරිපාලන වෛද්‍ය නිලධාරීන් 27කුත් එකතුව 249ක් විශ්‍රාම ගැන්වීම මේ අවුරුද්ද අවසානයේ සිදුවෙනවා. ප්‍රතිශතයක් වශයෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාවෙන් 9%ක් පමණ, විශ්‍රාම යෑමට නියමිත බැවින් ඒ ඒ රෝහල් හා ආයතනවල පුරප්පාඩු වන විෂය ක්ෂේත්‍රය අනුව අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රමවේදය අනුව තුලනය කිරීමට හැකියාව පවතින බවත් සඳහන් කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?