2021 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින්

2021 ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතයි. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගාවලියට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් මෙවර තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිඩා විචාරකයින් පවසන්නේ.

තරගාවලියට අදාලව පෙර පුහුණුවීම් මේ වනවිටත් කණ්ඩායම් විසින් ආරම්භ කර තිබෙනවා.
මෙවර එල්.පී.එල්. තරගාවලියට එක්වන දඹුල්ල ජයින්ට්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද පෙර පුහුණුවීම් වලට අදාලව පුහුණු තරගයකට එක් වුණා.

මෙම තරගයට සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින නිරෝෂන් දික්වැල්ල එක්ව සිටියා.මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ ද දඹුල්ල කණ්ඩායම එක්වූ පෙර පුහුණු තරගයට එක්ව සිටීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?