2009 වසරට පෙර ගත් රියදුරු බලපත්‍ර වලට සිදුව ඇති දේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් 2009 වසරට පෙර මුද්‍රණය කළ රියැදුරු බලපත්‍ර ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයක තොරතුරු එහි පරිගණක පද්ධතියට එක්කර නැති බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

1970 සිට 2000 වසර දක්වා වූ කාලයේ නිකුත් කර ඇති ලක්ෂ ගණනක රියැදුරු බලපත්වල තොරතුරු මෙම පරිගණක පද්ධතියේ නැති බව ද 2009 වසරෙන් පසු නිකුත් කර ඇති සියලුම රියැදුරු බලපත්වල තොරතුරු මෙම පද්ධතියට එක්ව ඇති බව ද එම ආරංචිමාර්ග පවසයි.

2009ට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීමේ අවශ්‍යතාවක් නොපැවතීමත් ඒවායෙහි තොරතුරු ලිපි ලේඛනවල සටහන් කර තිබීමත් බොහෝ ලිපිලේඛන විනාශ වී සහ අස්ථානගත වීමත් මත මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයකු සඳහන් කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර රියැදුරු බලපත් කාර්යාල ලේඛනාගාරයේ තොරතුරු සටහන් ලෙජර් පොත් පන්සියයකට වැඩි ගණනක් තිබෙන බවත් ඒ අතරින් සිය ගණනක්ම මීයන් සහ වේයන් කෑමෙන් විනාශ වී සහ අස්ථානගත වී ඇති බවත් වාර්තා වේ.

මේ හේතුවෙන් පැරණි රියැදුරු බලපත්‍රයක් අස්ථානගත වූ අයෙකුට දඩ කොළයක් හෝ බලපත්‍රය තමන්ගේ යැයි සනාථ කළ හැකි අනන්‍ය සහතිකයක් ගෙන ඒමට හෝ තොරතුරු නැති නම් මුල සිටම නව රියැදුරු බලපතක් ලබාගැනීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රියැදුරු බලපත්) චතුර ලියනගුණවර්ධනගෙන් කළ විමසුමකදී සඳහන් කළේ ලෙජර් පොත්වල සටහන් කර ඇති රියැදුරු බලපත්‍ර තොරතුරු නව පරිගණක පද්ධතියට එක්කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවය.

2009 සිට 2020 වසර අවසානය දක්වා පැරණි රියැදුරු බලපත්‍ර දාහතර ලක්ෂ හැත්තෑ පන්දහසක් අලුත් කර ඇතැයිද සහකාර කොමසාරිස්වරයා සඳහන් කළේය.

2009 වසරෙන් පසු නිකුත් කර ඇති සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර වසර අටකින් සහ බරවාහන රිය බලපත් වසර හතරකින් අලුත් කිරීම අනිවාර්ය වන නමුත් එම වසරට පෙර නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර අලුත් කිරීම අනිවාර්ය නොවන බව ද හෙතෙම කීවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38