AFC Banner
Empty Ad

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ දෙවන අභියෝගය අද

පන්දුවාර 20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද (05) පැවැත්වෙනවා.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සමඟ පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු තුනයි තිහටයි.

තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය වනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරග පාකිස්ථාන ක්‍රීඩිකාවන් ඉදිරියේ පරාජය වුණේ ලකුණු 31කින්.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද තරගය සාජා හිදී පැවැත්වෙනවා.

මේ අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (04) පැවති තරගවලින් පරාජයට පත්වන්නට ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට සිදු වුණා.

ඉන්දීය කණ්ඩායම නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉදිරියේ ලකුණු 58කින් පරාජයට පත් වූ අතර, කොදෙව් කාන්තා කණ්ඩායමට දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වුණේ කඩුලු 10කින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?