තරගාවලිය පරාජවීම කණ්ඩායමක් ලෙස ඉතා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක චරිත් අසලංක පවසනවා.
බංග්ලාදේශය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී චරිත් මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් සඳහන් කළේ විස්සයි විස්ස කණ්ඩායමේ සංයුතියේ තවමත් ගැටළු සහගත තැන් පවතින බවයි.
එමෙන්ම විස්සයි විස්ස තරගයක දී ක්‍රීඩකයින් ලෙස තවත් වගකීම් සහගතව ක්‍රීඩා කළ යුතු බව ද ශ්‍රී ලංකා නායකයා මෙහිදී සඳහන් කර සිටියා.
තමන් ද අවසන් තරග දෙකේ දී පිතිකරුවෙකු ලෙස වගකීමක් ගෙන ක්‍රීඩා නොකළ බවත් චරිත් මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
මේ අතර විස්සයි විස්ස තරගාවලිය තුළ වනිඳු හසරංග ක්‍රීඩා නොකිරීමේ අඩුව විශාල වශයෙන් කණ්ඩායමට දැනුණු බව සඳහන් කළ චරිත්, ක්‍රීඩකන් සීමිත පිරිසක් සිටින රටක් ලෙස සිටින ක්‍රීඩකයින් ඉතා කල්පනාවෙන් යුතුව කළමනාකරණය කරගත යුතු බව ද පවසා සිටියා.
එමෙන්ම ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවට පහරදෙන අවස්ථාවට වඩා බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ දී තණ තීරුව පිතිකරුවන්ට යම් වාසි සහගත ලෙස හැසිරුණු බවයි චරිත් අසලංක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.















