20-20 කණ්ඩායමේ සංයුතියේ තවමත් ගැටළු තියනවා – පරාජයේ වගකීම ගැන චරිත් කියයි (වීඩියෝ)

තරගාවලිය පරාජවීම කණ්ඩායමක් ලෙස ඉතා කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක චරිත් අසලංක පවසනවා.

බංග්ලාදේශය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග දෙකට එකක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී චරිත් මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත් සඳහන් කළේ විස්සයි විස්ස කණ්ඩායමේ සංයුතියේ තවමත් ගැටළු සහගත තැන් පවතින බවයි.

එමෙන්ම විස්සයි විස්ස තරගයක දී ක්‍රීඩකයින් ලෙස තවත් වගකීම් සහගතව ක්‍රීඩා කළ යුතු බව ද ශ්‍රී ලංකා නායකයා මෙහිදී සඳහන් කර සිටියා.

තමන් ද අවසන් තරග දෙකේ දී පිතිකරුවෙකු ලෙස වගකීමක් ගෙන ක්‍රීඩා නොකළ බවත් චරිත් මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මේ අතර විස්සයි විස්ස තරගාවලිය තුළ වනිඳු හසරංග ක්‍රීඩා නොකිරීමේ අඩුව විශාල වශයෙන් කණ්ඩායමට දැනුණු බව සඳහන් කළ චරිත්, ක්‍රීඩකන් සීමිත පිරිසක් සිටින රටක් ලෙස සිටින ක්‍රීඩකයින් ඉතා කල්පනාවෙන් යුතුව කළමනාකරණය කරගත යුතු බව ද පවසා සිටියා.

එමෙන්ම ඊයේ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම පන්දුවට පහරදෙන අවස්ථාවට වඩා බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ දී තණ තීරුව පිතිකරුවන්ට යම් වාසි සහගත ලෙස හැසිරුණු බවයි චරිත් අසලංක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

  1. ඇයි අනේ ඔයා වගකීමක් නැතුව ක්‍රීඩා කලේ ? පුහුණු වීම් වලදි ඒ ආකාරයටත් ක්‍රීඩා කරන්න උපදෙස් දෙනවද ?
    මොනවද මෙි ගොබිබ කතා ? ගොන් කතා නොකිය පැරදුනු එකට හේතුව ඇහුවම ගොළුවෙක් වගේ හිටියනම් ඊට වඩා හොඳයි.
    ලංකාවෙ ක්‍රිකට් දැන් ඉවරයි..ඔය ඉන්න bowlers ලා එකෙක්ගෙන් වත් මෙලෝ වැඩක් නෑ.
    රට වටේ ගිහින් අළුත් කොල්ලො ටිකක් හොයා ගෙන හොඳ පුහුණුකරුවෙක් ගෙනැල්ල පුහුණු කරල ගන්නවා මිස ඔය ඉන්න වයසක පන්දු “විදින “ගොබ්බයන්ගෙන් නම් තව දුරටත් බලාපෙරෛාත්තු වෙන්න බෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04