20 හැවිරිදි විවාහක තරුණියක් ඝාතනය කළ මාමා පොලිසියට භාරවෙලා

20 හැවිරිදි විවාහක තරුණියක් ඝාතනය කළ මාමා කෙනෙකු ඝාතනය සඳහා භාවිත කළ ගිනි අවිය ද සමඟ පොලිසියට පැමිණ භාර වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, සිටාපූර් ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, පොලිසියට භාර වූ සැකකාර මාමා පොලිසියට පවසා ඇත්තේ මෙය “ගෞරවනීය ඝාතනයක්” බවයි.

ඝාතනයට ලක්වූ තරුණිය ඉන්දියාව තුළ පහත් යැයි සැලකෙන කුලයක අයෙකු සමඟ විවාහ වීම නිසා කෝපයට පත් ඇයගේ මාමා විසින් ඊයේ (06) මෙම ඝාතනය සිදුකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තරුණිය ජීවත් වූ ප්‍රදේශයේ සිටි රූපචන්ද්‍ර මෞර්‍ය නමැති විවාහක පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව රූපචන්ද්‍ර විසින් පසුගිය නොවැම්බර් මාසයේදී තරුණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් තිබූ අතර, අනතුරුව ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

විවාහයෙන් ටික කලකට පසු යළින් මොවුන් පෙර පදිංචිව සිටි ප්‍රදේශයට පැමිණ ඇති අතර, එලෙස පැමිණ සිටි අතර තුරයි තරුණියව මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ මාමාට සහ ඔහුගේ බාල පුත්‍රයා ඇතුළු පවුලේ අයට එරෙහිව රූපචන්ද්‍රගේ පවිලේ අය විසින් පැමිණිල්ලක් ද පොලිසියට ගොනුකර තිබෙනවා.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ තරුණිය පැන ගොස් විවාහ වූ පසු ඝාතනය කිරීමට සැකකාර මාමා විසින් සැලසුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?