20 හැවිරිදි විවාහක තරුණියක් ඝාතනය කළ මාමා පොලිසියට භාරවෙලා

20 හැවිරිදි විවාහක තරුණියක් ඝාතනය කළ මාමා කෙනෙකු ඝාතනය සඳහා භාවිත කළ ගිනි අවිය ද සමඟ පොලිසියට පැමිණ භාර වූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, සිටාපූර් ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, පොලිසියට භාර වූ සැකකාර මාමා පොලිසියට පවසා ඇත්තේ මෙය “ගෞරවනීය ඝාතනයක්” බවයි.

ඝාතනයට ලක්වූ තරුණිය ඉන්දියාව තුළ පහත් යැයි සැලකෙන කුලයක අයෙකු සමඟ විවාහ වීම නිසා කෝපයට පත් ඇයගේ මාමා විසින් ඊයේ (06) මෙම ඝාතනය සිදුකර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තරුණිය ජීවත් වූ ප්‍රදේශයේ සිටි රූපචන්ද්‍ර මෞර්‍ය නමැති විවාහක පුද්ගලයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව රූපචන්ද්‍ර විසින් පසුගිය නොවැම්බර් මාසයේදී තරුණිය සමඟ ප්‍රදේශයෙන් පළාගොස් තිබූ අතර, අනතුරුව ඔවුන් දෙදෙනා විවාහ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

විවාහයෙන් ටික කලකට පසු යළින් මොවුන් පෙර පදිංචිව සිටි ප්‍රදේශයට පැමිණ ඇති අතර, එලෙස පැමිණ සිටි අතර තුරයි තරුණියව මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ මාමාට සහ ඔහුගේ බාල පුත්‍රයා ඇතුළු පවුලේ අයට එරෙහිව රූපචන්ද්‍රගේ පවිලේ අය විසින් පැමිණිල්ලක් ද පොලිසියට ගොනුකර තිබෙනවා.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ තරුණිය පැන ගොස් විවාහ වූ පසු ඝාතනය කිරීමට සැකකාර මාමා විසින් සැලසුම් කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08