හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ 2 වසරේ අධයාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව (30) දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.
හැටන් ආරියගම ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් 13 දින පාසලට ගොස් ඇති බවත්, ඉන් අනතුරුව 16 දින පාසල් සිසුවාට උණ රෝග වැලදිම නිසා හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන නිවසේ රැදි සිටියදි උණ රෝගය උත්සන්න විම නිසා එම සිසුවාගේ දෙමව්පියන් යලිත් පෞද්ගලික වෛද්‍යය මධ්‍යස්ථානය වෙත පැමිණ වෛද්‍යවරයාට පෙන්විමෙන් අනතුරුව එම වෛද්‍යවරයාගේ උපදෙස් මත රෝගි සිසුවා නාවලපිටිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවෙන් පසු එම සිසුවාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
කොවිඩ් 19 වෛරසය අසාදනය වු සිසුවාගේ පළමු ආශ්‍රිතයන් හදුනාගෙන එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.