19 හැවිරිදි තරුණියගේ පිහි පහරින් විවාහක තරුණයා මරුට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් වීරසේකරගම ප්‍රදේශයේ දී තරුණියක් එල්ල කළ පිහි ප්‍රහාරයකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 19ක තරුණියක් විසින් එල්ල කළ මෙම පිහි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා නීත්‍යානුකූලව විවාහ වී නොමැති නමුත් අඹුසැමියන් ලෙස වීරසේකරගම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම මත ලබාගෙන එහි ජීවත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා අතර ඊයේ (26) රාත්‍රියේ සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙක් බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ සකකාර තරුණිය හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේ පදිංචිකරිනියක් වන අතර,ඇය වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?