AFC Banner
AFC Banner
Empty Ad

19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ සුපිරි 06 තරග වට හෙටින් ඇරඹෙයි

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම වටයේ පළමු තරගය ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙම තරගය එළඹෙන 26 වැනි දින මැලේසියාවේ ක්වාලාලාම්පූර් හි දී පැවැත්වෙනවා.

A කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් මූලික වටයේ පැවති තරග 03න් දෙකක් ම ජය ගත්තා.

ඒ මැලේසියාවට සහ කොදෙව්වන්ට එරෙහිව යි.

ඊයේ (23) පැවති අවසන් මූලික තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 60කින් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුව ද ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වීමත් සමග සුපිරි හයදෙනාගේ වටයට තේරී පත් වුණා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සුපිරි හයදෙනාගේ වටයේ දෙවැනි තරගයට තරග වදින්නේ ප්‍රතිවාදී ඔස්ට්‍රෙලියාව සමගයි.

ඒ ජනවාරි මස 29 වැනි දිනයි.

කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්වුණා.

සුපිරි 6 වටය කණ්ඩායම් 6 බැගින් කණ්ඩායම් 12ක් කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩා කරනවා.

එම සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම්වලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

සුපිරි 6 වටයේ තරග ආරම්භ වන්නේ හෙට (25) දින සිට යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?