ගූගල් සමාගම ඉන්දියාවේ කරන විශාලතම ව්‍යාපෘතියේ වැඩ අරඹයි

ගූගල් සමාගම විසින් ඉන්දියාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා කරන විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ආන්ද්‍රා ප්‍රදේශ් හි විශාකාපට්නම් හි තම AI මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ඊයේ (28) මුල්ගල් තැබුවා.

මෙම ව්‍යාපෘතිය AdaniConneX සහ Bharti Airtel හි Nxtra සමඟ හවුල්කාරිත්වයෙන් සිදුකරනු ලබනවා.

‘වික්ෂිත් භාරත් 2047’ දැක්මට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ගූගල් සමාගම 2026 සිට 2030 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි.

මෙම AI කේන්ද්‍රස්ථානය දත්ත මධ්‍යස්ථාන පරිශ්‍ර තුනකින් සමන්විත වන අතර, එය ඉන්දියාවේ ප්‍රථම ‘ගිගාවොට්’ මට්ටමේ කෘත්‍රිම බුද්ධි මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

මෙම මධ්‍යස්ථානය මගින් ව්‍යාපාරික ආයතන සඳහා අවශ්‍ය අධිවේගී ඩිජිටල් සේවා සැපයෙන අතර, ඉන්දියාව තුළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ නව්‍යකරණයන් සිදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් මේ හරහා නිර්මාණය වනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ ‘America-India Connect’ මුලපිරීම හරහා ෆයිබර් ඔප්ටික් ජාලය පුළුල් කිරීමටත්, 2030 වසර වන විට මෙගාවොට් 500ක පිරිසිදු බලශක්ති ධාරිතාවක් ළඟා කර ගැනීමේ ඉන්දීය ජාතික ඉලක්කයට සහය වීමටත් ගූගල් සමාගම සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01