AFC Banner
Empty Ad
Empty Ad

පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ 22ක් සිටිනවා – ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම්

පානීය ජල අවශ්‍යතා සපුරා නැති පවුල් ලක්ෂ විසි දෙකකට අධික ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම සති අග ‘අරුණ’ට පැවැසීය.

ඒ අතරින් පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කර ජීවිත ගතකරන පවුල් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක්ද හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීවේය.

පවුල් ලක්ෂ හතරට අයත් මෙම පිරිස් අතරින් වැඩි පිරිසක් උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26 කට අයත් ප්‍රදේශවල ජීවත් වන බවද හෙතෙම කීවේය.

පවුල් ලක්ෂ පනස් හතක පමණ පිරිසක් අතරින් පවුල් ලක්ෂ තිස් දෙකකට ජල පහසුකම් සලසා 2025 වසර ගතවීමට ප්‍රථම සෙසු පවුල් ලක්ෂ විසි දෙකට ජල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා කීවේය.

එෆ්. අස්ලම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?