150 කට කොරියා සිහින පෙන්වා කෝටි 15කට විදලා – කොළඹ සැකකරු වව්නියාවෙන් අල්ලයි

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාවේ පුවරසන්කුලම් පොලිස් වසමේ තරේකුලම් ප්‍රදේශයේ දී මෙම සැකකරු ඊයේ (24) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක තැනැත්තෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 15 කට අධික මුදලක් මෙලෙස වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?