15 හැවිරිදි දැරිය බිහිකළ බිළිඳා දැරිය විසින්ම නිවස තුළදී ඝාතනය කරලා

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසු, ප්‍රසූත කළ දරුවා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයෙන් වාර්තා වනවා.

නාග්පූර් නගරයේ පිහිටි දැරියගේ නිවසේ දී පසුගිය දෙවනදා ඇය මෙලෙස බිළිඳෙක් ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස දරුවා ප්‍රසූත කිරීමට පෙර ඇය නිවස තුළ දී දරුවෙකු බිහිකරන ආකාරය සම්බන්ධයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් ද නරඹා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය විසින් ප්‍රසූත කළ අලුත උපන් බිළිඳා ගෙළ සිරකර මරා දමා නිවසේ තිබූ පෙට්ටියක සඟවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම දැරිය තමන්ට දරුවෙකු ලැබීමට සිටින බවට සිය පවුලේ සාමාජිකයින්ට සැඟවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය විසින් තමන් බිළිඳෙකු ප්‍රසූත කළ බවට පසුව ඇයගේ මවට පවසා ඇති අතර, පසුව ඇයව රෝහලකට
ඇතුළත් කිරීමට මව විසින් කටයුතු කර තිබෙනවා.

දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

අලුත උපන් බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු දැරියට එරෙහිව මිනීමැරුම් චෝදනාව ඉදිරිපත් කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?