15 හැවිරිදි දැරිය බිහිකළ බිළිඳා දැරිය විසින්ම නිවස තුළදී ඝාතනය කරලා

15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බිළිඳෙකු ප්‍රසූත කිරීමෙන් පසු, ප්‍රසූත කළ දරුවා ඝාතනය කළ පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් නගරයෙන් වාර්තා වනවා.

නාග්පූර් නගරයේ පිහිටි දැරියගේ නිවසේ දී පසුගිය දෙවනදා ඇය මෙලෙස බිළිඳෙක් ප්‍රසූත කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස දරුවා ප්‍රසූත කිරීමට පෙර ඇය නිවස තුළ දී දරුවෙකු බිහිකරන ආකාරය සම්බන්ධයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ කිහිපයක් ද නරඹා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරිය විසින් ප්‍රසූත කළ අලුත උපන් බිළිඳා ගෙළ සිරකර මරා දමා නිවසේ තිබූ පෙට්ටියක සඟවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම දැරිය තමන්ට දරුවෙකු ලැබීමට සිටින බවට සිය පවුලේ සාමාජිකයින්ට සැඟවීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් දැරිය විසින් තමන් බිළිඳෙකු ප්‍රසූත කළ බවට පසුව ඇයගේ මවට පවසා ඇති අතර, පසුව ඇයව රෝහලකට
ඇතුළත් කිරීමට මව විසින් කටයුතු කර තිබෙනවා.

දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් පුද්ගලයෙකු විසින් ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.

අලුත උපන් බිළිඳාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු දැරියට එරෙහිව මිනීමැරුම් චෝදනාව ඉදිරිපත් කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10