15 හැවිරිදි දියණියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියේ තවත් තොරතුරු රැසක් එළියට

පානදුර ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

අදාළ දැරිය අවුරුදු 13 සිට සිය මවගේ අනුදැනුම ඇතිව මෙලෙස ගණිකා ජාවාරමේ යෙදී ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, එම පිරිස ඊයේ (27) දිනයේ දී පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස අතර, දැරියගේ මව, දැරිය ගණිකා ජාවාරමට යොදාගත් තවත් කාන්තාවක් සහ දැරිය මිලට ගත් පුද්ගලයින් සිව්දෙනෙක් සිටින බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් පානදුර, කෙසෙල්වත්ත, සහ ගොරකාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

බාලවයස්කාර දැරියක් මුදලට අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

දැරියගේ මවගේ අනුදැනුම ද මත දැරිය ජාවාරමේ යෙදවූ කාන්තාව විසින් ඇයව වැඩිහිටි පුද්ගලයින්ට අලෙවි කිරීම සඳහා හෝටල් කාමරවලට සහ නිවෙස් වලට රැගෙන ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
12
මලපනිනව !
9
කුජීතයි !
11
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?