14 හැවිරිදි පිරිමි ළමයාගේ අපයෝජන චෝදනාව බොරුවක් වෙයි

මහ මග අතරමංව සිටි වයස අවුරුදු 14ක දරුවෙකු යන්තම්පලාව නගරයේදී මූල්‍ය ආයතනයක පිරිසක් විසින් අපයෝජනයට ලක් කළ බවට වාර්තා වු පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම ළමයා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් බවට හෙළිවී ඇති බවයි.

ඔහු කිසිදු ආකාරයකින් අපයෝජනයට ලක්වී නොමැති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි මෙම පිරිමි ළමයා පෙරේදා (17) නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔහු යළිත් බස් රථයකට නැග ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙන්.

ඔහු වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් එහි කොන්දොස්තර ළමයාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසටයි.

ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස තිබෙනවා. පසුව මහ මඟ ගමන් කරමින් ඔහු එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් ඇතැයි සඳහන්.

එහිදී යතුරුපැදියක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින් පස්වරු 5.30ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට ද උත්සාහ කර තිබුණා.

මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීම හේතුවෙන්.

පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් මෙම ළමයා පිටත්කර හැර තිබෙනවා.

අනතුරුව පස්වරු 6ට පමණ නගරයට පැමිණි ළමයා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමා ලිංගික අපයෝජනයට ලක් කළ බවයි.

ඔහුගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝප වූ පිරිස් එම මුල්‍ය ආයතනයට ඊයේ කඩා වැදී තිබූ අතර එහිදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබුණා.

කුරුණෑගල පොලිසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රයට පැමිණෙන අතර ඔවුන් විමර්ශන ආරම්භ කළා.

අදාළ පිරිමි ළමයා සිය භාරයට ගත් පොලිස් නිලධාරීන් ඔහු අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ කිසිඳු ආකාරයකින් ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
43
+1
9
+1
9
+1
7
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40