14 හැවිරිදි දැරියකට පහරදීමක් – පාලිකාවගේ හැසිරීම් දරාගත නොහැකි ව විෂබීජ නාශක බීලා

14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දැරියට නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවගේ සහ සේවිකාවකගේ පීඩන, බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි ව එම දැරිය වැසිකිළි විෂබීජ නාශක දියර පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට ලක් වූ දැරිය විෂබීජ නාශක දියර බොන විට; එහි පාලිකාව පවසා ඇත්තේ “බීපං..බීපං..තව බීපං..මැරෙන්න බීපං..”යනුවෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

විෂබීජ නාශක දියර පානය කළ දැරිය රෝහල්ගත කර තිබෙනවා.

මෙම දැරිය ව රෝහල්ගත කර ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ නාරාහේන්පිට පොලිසිය වෙත ලැබුණු දූරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිදු කළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම සිද්ධිය ඉකුත් 6 වැනි දින දහවල් සිදු ව ඇති බවයි.

දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණ වදිමින් පහර දී ඇති අතර එහිදී දැරිය වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එහිදී පාලිකාව සහ සේවිකාව දැරියට “බීපං.. තව බීපං.. තව බීපං මැරෙන්න ම බීපං” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසල ම තබා තව තවත් පහර දී ඇති බවයි හෙළි ව ඇත්තේ.

එයින් තවත් බියට පත් දැරිය නැවත නැවත ඒවා පානය කර ඇතැයි සිදුකළ විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

දැරියට මෙම තැනැත්තියන් දෙදෙනා ම නිරතුරුව පහර දෙන බවට ද පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇති බව සඳහන්.

අදාළ සිදුවීමට මේ වනවිට දැරියගෙන්, ප්‍රධාන පාලිකාවගෙන්, මුළුතැන්ගෙයි සේවිකාවගෙන් ඇතුළු පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ අංක 46 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34