Empty Ad
AFC Banner
Empty Ad

14 හැවිරිදි දැරියකට පහරදීමක් – පාලිකාවගේ හැසිරීම් දරාගත නොහැකි ව විෂබීජ නාශක බීලා

14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දැරියට නාරහේන්පිට ළමා සුබසාධන හා සංවර්ධන මධ්‍යස්ථානයක ප්‍රධාන පාලිකාවගේ සහ සේවිකාවකගේ පීඩන, බැණවැදීම් සහ පහරදීම් ඉවසාගත නොහැකි ව එම දැරිය වැසිකිළි විෂබීජ නාශක දියර පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට ලක් වූ දැරිය විෂබීජ නාශක දියර බොන විට; එහි පාලිකාව පවසා ඇත්තේ “බීපං..බීපං..තව බීපං..මැරෙන්න බීපං..”යනුවෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

විෂබීජ නාශක දියර පානය කළ දැරිය රෝහල්ගත කර තිබෙනවා.

මෙම දැරිය ව රෝහල්ගත කර ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකටයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ නාරාහේන්පිට පොලිසිය වෙත ලැබුණු දූරකථන පණිවුඩයක් අනුව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගිය නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සිදු කළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම සිද්ධිය ඉකුත් 6 වැනි දින දහවල් සිදු ව ඇති බවයි.

දැරියට එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව සහ මුළුතැන් ගෙයි සේවිකාව බැණ වදිමින් පහර දී ඇති අතර එහිදී දැරිය වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක දියරයක් පානය කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

එහිදී පාලිකාව සහ සේවිකාව දැරියට “බීපං.. තව බීපං.. තව බීපං මැරෙන්න ම බීපං” යැයි පවසමින් විෂබීජ නාශක දියර අඩංගු බෝතලය ඇය අසල ම තබා තව තවත් පහර දී ඇති බවයි හෙළි ව ඇත්තේ.

එයින් තවත් බියට පත් දැරිය නැවත නැවත ඒවා පානය කර ඇතැයි සිදුකළ විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

දැරියට මෙම තැනැත්තියන් දෙදෙනා ම නිරතුරුව පහර දෙන බවට ද පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇති බව සඳහන්.

අදාළ සිදුවීමට මේ වනවිට දැරියගෙන්, ප්‍රධාන පාලිකාවගෙන්, මුළුතැන්ගෙයි සේවිකාවගෙන් ඇතුළු පස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ අංක 46 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයකු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
Video thumbnail
මෝදී තමයි ජෙප්පන්ට මරු වැඩක් කළේ - මරික්කාර් රිදෙන්න කියයි
02:43
<p>?</p>