කිලිනොච්චිය,පෙරිය පරන්තන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක නාදුනන මළ සිරුරක්

කිලිනොච්චිය,පෙරිය පරන්තන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබි මළ සිරුරක් (27) සවස හමුවු බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් මත කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය කුඹුරු වෙත රැගෙන යන ඇළ මාර්ගයක තිබි අදාළ මළ සිරුර සොයාගත් බවයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකළ බවද පොලිසිය පැවසීය.

මළ සිරුර හදුනාගැනීමට නොහැකි ආකාරයට නරක් වි ඇති අතර, මළ සිරුරේ අනන්‍යතාවය සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කළහ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Kilinochchi 1
Kilinochchi 2
Kilinochchi 3
Kilinochchi 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?