ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක්

ලෝක පාපන්දු පිටියේ මේ වනවිට සිටින ජනප්‍රියතම තරුව වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට තරග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රොනාල්ඩෝට එරෙහිව දේශීය පාපන්දු තරග දෙකක තහනමක් පැනවීමටයි පෘතුගාල පාපන්දු බලධාරීන් කටයුතු කර ඇත්තේ.

දේශීය තරගයක් අතරතුර ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකථනයකට පහරදී හානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මේ වනවිට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම තහනම පැනවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තහනම ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ සහභාගීත්වයට බාධාවක් නොවන බව සඳහන්.

මේ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමට ගත් තීරණය පිළිබඳව මේ වනවිට පාපන්දු ලෝකයේම කතාබහට මතුව තිබෙනවා.

රොනාල්ඩෝගේ මෙම තීරණයත් සමඟ ඔහුව සිය කණ්ඩායම වෙත එක්කර ගැනීමට ඇතැම් කණ්ඩායම් මේ වනවිටත් සැලසුම් සකස්කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

මේ අතර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම අද (24) රාත්‍රියේ ඝානාවට එරෙහිව ලෝක කුසලාන තරග බිමට පිවිසීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17